වීරකැටිය සහ මිද්දෙනිය පොලිස් වසම් තුළ 1997 දී සහ ඊට ආසන්න කාලයේ සිදුකළ මිනී මැරීමට තැත් කිරීමේ නඩු 3 ක වරෙන්තු සඳහා ගීගනගමගේ අමරසිරි නොහොත් ජූලම්පිටියේ අමරේ 11 දා තංගල්ල පළාත් බද මහාධිකරණයට ඉදිරිපත් කරන ලදි. එහිදී ඔහුගේ ඇප බැඳුම්කර අවලංගු කර අගෝස්‌තු 02 වැනිදා දක්‌වා රිමාන්ඩ් භාරයට පත් කිරීමට මහාධිකරණ විනිසුරු ලලිත් විඡේසේකර මහතා නියෝග කළේය.ජුලම්පිටිය අමරේ නමැති අය පසුගියදා කටුවන ජනතා විමුක්ති පෙරමුණෙ රැස්‌වීමට වෙඩි තබා සිදුකළමනුෂ්‍ය ඝාතනයේ ප්‍රධාන සැකකරු වේ.
මෙම නඩු 3 සඳහා ඇප බැඳුම්කර අත්සන් කර තිබූ ඇපකරුවන් 7 දෙනකු අධිකරණයට ඉදිරිපත්ව සිටි අතර ඔවුන්ගේ ඉල්ලීම සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා දැඩි ලෙස අවවාද කර ඔවුන් ඇප බැඳුම්කරවලින් නිදහස් කළේය.බන්ධනාගාර නිලධාරීන්ගේ දැඩි රැකවල් යොදා තිබිණි.

No comments:
Post a Comment