පොලොන්නරුවේ ගොවියන්ගේ ජල ප‍්‍රශ්ණයට විසඳුම් දෙන්න මගේ ලේවලට පුළුවනිනම් මම මහ පාරේ නිදාගෙන මගේ ලේ ටික සේරම ගන්න කියනවා. මගේ දේශපාලනය ඒ තරම් විනිවිදයි. පොලොන්නරුවේ පැවති ගොවි සමුළුවකදි අමතමින් අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන මහතා මේ අදහස් පලකළෙයපොලොන්නරුවෙ පැවතුනු ගොවි උද්ඝෝෂණයකදී කියල තිබුනා ‘වරෙන් මෛත‍්‍රීපාල උඹේ ලේ බොන්න ඕනෑ. උඹ හෝටල් හදපු නිසා තමයි අපිට වතුර නැති වුනේ’ කියලා. එතන රාජ්‍ය නිළධාරීන් කිහිප දෙනෙකුත් හිටියා.
අපි ඒවා වීඩියෝ කරලා තියෙනවා. පොලොන්නරුවේ ගොවියන්ගේ ජල ප‍්‍රශ්ණයට විසඳුම් දෙන්න මගේ ලේවලට පුළුවනිනම් මම මහ පාරේ නිදාගෙන මගේ ලේ ටික සේරම ගන්න කියනවා. මගේ දේශපාලනය ඒ තරම් විනිවිදයි. ඕන රාජ්‍ය නිලධාරියෙකුගෙන් අහන්න මෛත‍්‍රීපාල ඇමතිතුමා ව්‍යාපෘති ක‍්‍රියාත්මක කරන කොට 5%-10% කොමිස් ඉල්ලලා තියෙනවද කියලා. අවුරුදු 23ක් පාර්ලිමේන්තුවේ ඉඳලා දැන් තමයි මගේ ගේ හදන්න ගත්තේ. මගේ ඥාතීන්ට සල්ලි තිබුනට මට නෑ කොමිස් ලබාගෙන, ටෙන්ඩර් මගඩිවලින් හෝ කප්පම් ලබාගෙන ඇති බව ඔප්පු කලහොත් තමන් දේශපාලනයේ සියළු තනතුරුවලින් ඉල්ලා අස්වන බව අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

No comments:
Post a Comment