Friday, July 13, 2012

අතවරයටපත් දැරියට පරීක්‍ෂාවට ගිය පොලිසියේ සැරයන්වරයකු නැවත අතවර කරලා


නාවලපිටියේ ව්‍යාපාරිකයකුගේ පුතකු ඇතුළු දෙදෙනකු විසින් පැහැර ගෙන ගොස්‌ දින 2 ක්‌ පුරා ලැඟුම්හල් දෙකක සිරකර තබා ගෙන අතවර කළ 15 හැවිරිදි  පියා නොමැති මවගේ රැකවරණය යටතේ නාවලපිටිය නගරය ආසන්නයේ ජීවත්වු  මෙම දැරිය සිද්ධියෙන් අනතුරුව නාවලපිටිය නගරයට ගෙනැවිත් දමා ඇත. ඉක්‌බිතිව සිද්ධිය පරීක්‍ෂාවට ගිය නාවලපිටිය පොලිසියේ සැරයන්වරයකු හා ත්‍රිරෝද රථ හිමියකු නැවත වරක්‌ ඇය ලැඟුම් හලකට රැගෙන ගොස්‌ අතවර කළැයි
චෝදනාවකට මේ දෙදෙනා ලබන 19 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස නාවලපිටිය මහෙස්‌ත්‍රාත් දීප්ති කොඩිතුවක්‌කු මහත්මිය නියෝග කළාය.
මෙසේ රක්‍ෂිත බන්ධනාගාරගත කළේ නාවලපිටිය පොලිසියේ සේවයේ නියුතු සැරයන් අජිත් විතාන හා ත්‍රිරෝද රථකරු වන සාමිවෙල් රගුනාදන් යන දෙදෙනාය.
මෙම පොලිස්‌ සැරයන්වරයා අත්අඩංගුවට ගැනීමට ඔහුගේ නිවස පිහිටි ගිනිගත්හේන ප්‍රදේශයට පොලිස්‌ කණ්‌ඩායමක්‌ ගිය අවස්‌ථාවේ ඒ පිළිබඳ කල්තියා දැනගත් සැරයන්වරයා  සැඟ වී තිබේ. පොලිස්‌ පරීක්‍ෂණ කණ්‌ඩායම ඔහුගේ බිරිඳට කරුණු පැහැදිලි කොට සැරයන්වරයා සොයාගෙන ගෙන අත්අඩංගුවට ගෙන තිබිණි.

1 comment:

w

Related Posts Plugin for WordPress, Blogger...