Monday, July 2, 2012

සය හැවිරිදි දැරිය මාසයක පමණ කාලයක සිට ලිංගික අපයෝජනයට


 කිරුළපන ප්‍රදේශයේම  සය හැවිරිදි දැරියක දූෂණය කර කිරුළප‍න ප්‍රදේශයේ ඇලකට දෑමීමෙන් පසු මියයාම සම්බන්ධයෙන් සැකපිට තවත් තරුණයකු අත්අඩංගුවට ගෙන තිබේ.පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසූවේ, සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමෙන් පසු අදාළ සැකකරු අත්අඩංගුවට ගත් බවයි.
සිද්ධියට සම්බන්ධ බවට සැකපිට තරුණයින් දෙදෙනෙකු මීට පෙර අත්අඩංගුවට ගත් අතර.දූෂණයට ලක්වූ දැරියගේ
මළ සිරුර ඊයේ උදෑසන කිරුළප‍න ප්‍රදේශයේ ඇලක තිබී ගොඩ ගැනිණ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසූවේ, වෛද්‍ය වා‍ර්තාවට අනුව අදාළ දැරිය මාසයක පමණ කාලයක සිට ලිංගික අපයෝජනයට ලක්ව ඇති බවයි.
අදාළ පුද්ගලයින් දැරිය දූෂණය කර ඇලට දමා ඇති බවට සැකකෙරෙන අතර දියේ ගිලීමෙන් මරණය සිදුව ඇති බව වෛද්‍ය වාර්තාවේ දැක්වෙන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

No comments:

Post a Comment

w

Related Posts Plugin for WordPress, Blogger...