සය හැවිරිදි පාසල් දැරියක් අපයෝජනය කිරීම සම්බන්ධයෙන් අධිකරණය හමුවට පමුණුවා සිටි පෙර පාසල් ගුරුවරියක් ලබන 7 දා දක්‌වා යළි රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස කන්තලේ වැඩ බලන මහෙස්‌ත්‍රාත් එම්. එම්. මොහොමඩ් මහතා 2 දා එම අධිකරණයේදී නියෝග කළේය.මෙසේ රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ කන්තලේ නගරාසන්නයේ පෙර පාසලක 36 හැවිරිදි අවිවාහක කාන්තාවකි.කන්තලේ රජයේ පාසලක පළමු ශ්‍රේණියේ මේ වන විට ඉගෙනුම ලබන කුඩා දැරියක් එවකට සැකකාර පෙර පාසල් ගුරුවරියගේ පෙර පාසලට ගිය සමයේදී සිට ඇය අපයෝජනයට ලක් කොට ඇති බවට කරුණු අනාවරණය වී ඇතැයි කන්තලේ මූලස්‌ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය අධිකරණය හමුවේ කියා සිටියාය.

No comments:
Post a Comment