Saturday, November 17, 2012

සුනිල් පෙරේරා සහ මන්ත්‍රි වී.කේ ඉන්දික ගැටුමක් ඇතිකරගෙන.


ජනප්‍රිය ගායන ශිල්පී සුනිල් පෙරේරා මහතා විසින් ජනාධිපතිවරයාට අපහාස වන පරිදි ප්‍රසිද්ධ වේදිකාවක ගීතයක් ගායනා කළ බව පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රි වී.කේ ඉන්දික මහතා ගැටුමක් ඇතිකරගෙන තිබේ.
 ගාල්ල, රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි ශිෂ්‍ය එකමුතුව මගින් සංවිධානය කරන ලද උත්සවයකදී “ලංකාවේ එහෙම වෙන්නේ ඇයි” ගීතය ගායනා කිරීමෙන් පසු මෙම ගැටුම ඇති වී තිබෙන අතර, එහිදී මන්ත්‍රිවරයා සුනිල් පෙරේරා මහතාට පහර දීමට උත්සාහ කරමින් පවසා ඇත්තේ තම නායකයාට අපහාස කිරීමට ඉඩදිය නොහැකි බවයි.මෙහිදී සුනිල් පෙරේරා මහතා පවසා ඇත්තේ තමන් මේ ගීතය ඕනෑම ස්ථානයක, ඕනෑම අයකු ඉදිරිපිටදී ගායනා කිරීමට සූදානම් බවයි.
 වී.කේ. ඉන්දික මන්ත්‍රිවරයා පවසා ඇත්තෙ රාජපක්ෂවරුන් ඉදිරියේදී සුනිල් පෙරේරාට මේ ගීතය ගායනා කළ හැකි වුවත් තමන් ඉදිරියේදී එලෙස රාජපක්ෂ පරපුරට අපහාස කිරීමට ඉඩ දිය නොහැකි බවයි.

වෛද්‍යවරයකු යැයි පවසමින් කාන්තාවන් පරික්ෂා කළ පෙදරේරුවෙක්


ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයකු යැයි පවසමින් කාන්තාවන් පරික්ෂා කළ පෙදරේරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම පෙදරේරුවා තමන් කරාපිටිය රෝහලෙන් පැමිණෙන වෛද්‍යවරයකු යැයි පවසා නිවෙස්වලට ගොස් ගර්භණී තත්ත්වයේ පසුවන කාන්තාවන් සහ තරුණියන් පරීක්ෂා කර ඇතැයි වාර්ථාවේ

දිනමිණ කර්තෘ පාර්ලිමේන්තුවට කැඳවීමට පියවර ගන්නවා - කතානායක


අගවිනිසුරුවරියට එරෙහිව ඉදිරිපත්ව ඇති දෝෂාභියෝග යෝජනාව පිළිබඳව පුවතක් පළකිරීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ‘දිනමිණ’ පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා හා ඊට අදාළ සියලුදෙනා පාර්ලිමේන්තුව හමුවට කැඳවන බව කතානායක චමල් රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තුවේදී 16 ප්‍රකාශ කෙළේය.
කතානායක චමල් රාජපක්‍ෂ මහතා එසේ සඳහන් කෙළේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග මහතා මතුකළ රීති ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. ‘දිනමිණ’ පුවත්පතේ ඊයේ 16දා පළකැර තිබූ පුවතක් මඟින් අගවිනිසුරුවරිය වරදකරුවකු කැර ඇතැයි ද එය බරපතළ වරදක් බවද ජෝන් අමරතුංග මහතා පෙන්වා දුන්නේය.
“අද ‘දිනමිණ’ පුවත්පතේ මුල් පිටුවේ පුවතක් සඳහන් වෙනවා. ඊට අනුව අගවිනිසුරුවරිය චෝදනා පත්‍රය පිළිගත් බව සඳහන් කැර තිබෙනවා. විභාගය පටන් ගන්නත් කලින් එතුමිය වරදකරු කරලා. මේක රජයේ ප්‍රවෘත්ති පත්‍රයක්. ජනමාධ්‍ය ඇමැතිතුමා මෙයට පිළිතුරු දිය යුතුයි. රජය හිතාමතාම මෙවැනි ප්‍රවෘත්ති පළ කරන්නේ අගවිනිසුරුවරියට අසාධාරණයක් කරන්න දැයි සැක හිතනවා. ඒ නිසා අදාළ පුවත්පතේ කතුවරයා ගෙන්වා අවවාද කරන ලෙස කතානායකවරයාගෙන් ඉල්ලා සිටිනවා”.

දිනේෂ් ගුණවර්ධන කතා කරමින් පැවසුවේ   මේ පිළිබඳව පූර්ණ බලතල සහිත කාරක සභාවක් පත්කර තිබෙන බවත්. යම් ප්‍රශ්නයක් පැමිණිල්ලක් තිබෙනව නම් ඕනෑම මන්ත්‍රීවරයකුට කාරක සභාවට පැමිණිලි කළ හැකි බවත්. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර එම පැමිණිලි තේරීම් කාරක සභාවට ගෙන යා යුතුබවත්ය.
එවැනි පුවතක් පළකිරීම පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලට පටහැනි බැවින් ප්‍රධාන කර්තෘවරයා හා ඊට අදාළ සියලුදෙනා ඉදිරි සතියේදී පාර්ලිමේන්තුව හමුවට කැඳවන බව කතානායකවරයා  ප්‍රකාශ කෙළේය.

Friday, November 16, 2012

ටිරාන් සහ අර්ජුන ෆොන්සේකාට පිළිතුරු ලිපි යවයි


ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයෙන් ඉල්ලා අස්‌ වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අර්ජුන රණතුංග හා ටිරාන් අලස්‌ යන මහත්වරුන් වෙත පක්‍ෂයේ නායක සරත් ෆොන්සේකා විසින් එවා තිබූ ලිපිවලට පිළිතුරු ලිපි යවා තිබේ.
අර්ජුන රණතුංග විසින් යවන ලද පිළිතුරු ලිපිය

සරත් ෆොන්සේකා මහතාණෙනි,

2012.11.10 දාමින් ඔබ එවූ ලිපිය මා 2012 නොවැම්බර් 14 දින ලදිමි.

ජනතාවට කෘතඥතාව දැක්‌වීමට මා උගෙන ගත්තේ 2001 මහ මැතිවරණයට තරග කිරීමටත් පෙර සිට ජනතා සේවයට දිවි හිමියෙන් කැපවුණු මාගේ පියාණන්ගෙනි. මා උගෙන ගෙන ඇති කෘතඥතාව ඔබ සඳහන් කරන කෘතඥතාවය අතර වෙනසක්‌ ඇති දැයි මා නොදන්නා මුත් මාගේ වසර 11 ක දේශපාලන ජීවිතය පුරාම මා ජනතාවට කෘතඥතාව දක්‌වන ආකාරය ජනතාව හොඳින් දනී.

රටේ වර්තමාන අභියෝග හමුවේ දුක්‌ විඳින ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය සහ අනේකවිධ ගැටලුවලට විසඳුම් ලබා දීම වෙනුවෙන් මා කැප වීමට ගත් තීරණය වෙනස්‌ වී නොමැති බැවින් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයට ඡන්දය දුන් ජනතාවගේ විශ්වාසය සහ ඒ අරමුණු වෙනුවෙන් මා තවදුරටත් එම සන්ධානය තුළ රැඳී සිටින බව සඳහන් කිරීමට කැමැත්තෙමි.

මන්ත්‍රී අජිත් කුමාර ස්‌වාධීන වෙයි


ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ ගාල්ල දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී අජිත් කුමාර මහතා 15දා සිට විපක්‍ෂයේ ස්‌වාධීන මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරන බව කථානායක චමල් රාජපක්‍ෂ මහතාට පාර්ලිමේන්තුවේදී දැනුම් දුන්නේය.
අයවැය විවාදයේදී අදහස්‌ දැක්‌වීමට පාර්ලිමේන්තු කණ්‌ඩායම් නායක අනුර කුමාර දිසානායක මහතා විසින් තමන්ට කාලය ලබා නොදුන් නිසා මෙසේ එම පක්‍ෂයෙන් ඉවත්ව ස්‌වාධීන මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කිරීමට තීරණය කළ බව පැවැසු අජිත් කුමාර මහතා මෙසේද කීය.

Thursday, November 15, 2012

වැලිකඩ බන්ධනාගාරය වෙත ආරක්‍ෂක හමුදාවන් මැදිහත් කිරීම සඳහා නියෝගය ලබාදෙන ලද්දේ කවුරුන්ද?


වැලිකඩ බන්ධනාගාරයේ ගැටුමට ආරක්‍ෂක අංශ නිලධාරීන් විශාල ප්‍රමාණයක්‌ මැදිහත් කරවීමේ තීන්දුව ගත් නිලධාරීන් කවුරුන්ද යන්න පාර්ලිමේන්තුවට හෙළි කරන්නැයි අනුර කුමාර දිසානායක මහතා ඊයේ 12 දා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක්‌ කරමින් ආණ්‌ඩුවෙන් ප්‍රශ්න කළේය.
පසුගිය 09 වැනි දින බන්ධනාගාරයේ රැඳවියන් හා පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ මැදිහත්වීමක්‌ හේතුකොටගෙන බරපතළ ගැටුමක්‌ ඇති වී තිබේ.
වාර්තා වන පරිදි එහිදී මිනිස්‌ ඝාතන විශාල ප්‍රමාණයක්‌ සිදුවී ඇත. තවත් 13 ක්‌ තුවාල ලබා තිබේ. එපමණක්‌ නොව පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ආර්. ඩබ්. එම්. පී. රණවන මහතා සහ පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ සෙබළුන් 13 ක්‌ ද ආරක්‍ෂක නිලධාරීන් 04 දෙනෙක්‌ ද තුවාල ලබා තිබේ. මීට අමතරව බන්ධනාගාර නියාමකවරයෙක්‌ හා සිවිල් වැසියෙක්‌ තුවාල ලබා තිබේ.

Recent Posts

Popular Posts

w

Related Posts Plugin for WordPress, Blogger...