Sunday, September 8, 2013

’99 තිබ්බ දූෂිතම වයඹ ඡන්දෙදි රෙදි ගලෝල පාරෙ ඇවිද්දවපු කවුද මේ චන්ද්‍රා අක්කා

“ඒක මේ වගේම වයඹ පළාත් සභා ඡන්දයක්. ආණ්ඩු බලය තිබුණෙ පොදු පෙරමුණට. අද වගේම ආණ්ඩුව පැත්තෙ මිනිස්සු ඡන්දෙට කලින්ම දිනලයි තිබුණෙ. අපිට එළියට බහින්නත් තහනම්.”
මම යූ.ඇන්.පී. එකේ. මගේ ජීවිතේම වුණේ යූ.ඇන්.පී. එක. දැන් මගේ වයස අවුරුදු හැටපහයි. අවුරුදු හතළිහයකටත් වැඩිය මම දේශපාලනේ කරනවා. මම හම්බ කරගත්ත දේකුත් නෑ. යූ.ඇන්.පී. ආණ්ඩුවලින් මට දුන්නු දේකුත් නෑ.

 ඒ..... චන්ද්‍රාවතී. නෑ..... එහෙම කිව්වට කවුරුවත් අෑව දන්නේ නෑ. වාරියපොළ ආසනේ චන්ද්‍රා අක්කා. ලංකාවෙ දේශපාලනේ ගැන දන්න හැමෝම අෑව දන්නවා.
දවස 1999 ජනවාරි 19 වැනිදා. ලංකාවේ තිබුණු දූෂිතම ඡන්දෙට දවස් හයකට කලින්.
“දැන් කාලෙ වගේ නෙවෙයි. නාවින්න ඇමැතිතුමාගේ කට්ටිය අපි දිහා ඇහැ ගහගෙනමයි හිටියෙ. කොළයක් බෙදන්නවත් යූ.ඇන්.පී. කාරයෙක් හිටියේ නෑ. මම අමරා මැඩම්ට මේ තත්ත්වෙ පැහැදිලි කළා. මැඩම් මට මාතරින් දහදෙනෙක් ගෙනල්ලා දුන්නා.”
වාරියපොළ, ගන්තිරියාවෙ චන්ද්‍රා අක්කා. ආණ්ඩුවට විරුද්ධව පාරට බහින එකම ගමේ යූ.ඇන්.පී. කාරිය.
එදා උදේ අට වෙනකොට මාතර කට්ටිය අපේ ගෙදරට ආවා. ජස්ටින් ගලප්පත්ති මන්ත්‍රිතුමත් එතැන හිටියා. අපි තේ එකක් බීලා, අටහමාරට ගෙදරින් පිටත් වුණා. අපි යනකොට සමුපකාරෙ ළඟ දෙන්නෙක් හිටියා. එක්කෙනෙක් මගෙන් මෙහෙම ඇහුවා.
“උඹ කොහෙද යන්නේ?”

“අපි මේ පත්‍රිකා ටිකක් බෙදන්න යනවා.”
“උඹට කොහෙන්ද එච්චර හයියක්. ඕක නැවැත්තුවේ නැත්නම් උඹව මරනවා...”
ඇය අම්මා කෙනෙක්. අෑට තර්ජනයක් එක්ක අසභ්‍ය වචන වැලක් අහන්න සිද්ධ වුණා. ඒත්....
“තමුසෙලත් කරන්නේ දේශපාලනයක්නේ. මේක අපේ දේශපාලනය. අපි එළියට බැස්සෙ ආපහු හැරෙන්න නෙවෙයි. අපි යනවා.”
ඇයට අවුරුදු හතළිහක දේශපාලන පන්නරයක් තිබුණා. ඒ පන්නරය ඇයව ගිනියම් කෙරුවා.
අපි වටේ ගම් කීපෙකටම ගියා. තැනින් තැන හිටපු කට්ටිය මරණ තර්ජනය කළත් අපේ ගමන නැවැතුණේ නෑ. කොහොම හරි අපි දවල්ටත් කෑවා. හවස් වෙනකොට තත්ත්වෙ නරක අතට හැරිලයි තිබුණෙ.
ගමේ පාරවල්වල හිටියෙ අඳුරන්නෙ නැති මිනිස්සු. අනතුරක සේයාවක් අපිට දැනිලයි තිබුණෙ.
“මොන දේ වුණත් කවුරුවත් කලබල වෙන්න එපා. කවුරුවත් ඉස්සරහට එන්නත් එපා. මම කියන විදියට ඉන්න.” මේ යූ.ඇන්.පී. කාරිගෙ කීමට ඉහළින් කවුරුවත් ගියේ නෑ.

ලාල්... ඒ නම චන්ද්‍රා අක්කා දැනගන්නෙත් පස්සෙ. එදා දවසෙ ගන්තිරියාව ගමේ හයිකාරයා. ලාල්ගෙ රතු පාට මෝටර් සයිකලය රේස් කර - කර යනකොට චන්ද්‍රා අක්කලාගෙ හිත් ගැස්සුණත්, ආපහු හැරෙන්නෙ නෑ කියන ඒකමතික තීරණයකයි කට්ටිය හිටියෙ. කොච්චර ශ්‍රී  ලංකාකාරයො වුණත් ගමේ මිනිස්සු චන්ද්‍රා අක්කා දුන්නු ඡන්ද කොළේ අතට ගත්තා.
මේ ඇත්ත දේශපාලනඥයො. ඔවුන් දේශපාලනය කරන්න පටන් ගත්තෙ සල්ලි හම්බ කරන්නවත්, ආණ්ඩු මාරුවෙනකොට ඒ පැත්තට පනින්නවත් නෙවෙයි.
ඒ හින්දමයි, මැරයො තමන්ගෙ ඇඟේ තියෙන අවසාන නූල් පොටත් ගලවන කොට ඒ අම්මා ඔවුන්ට යටත් වුණේ නැත්තෙ.
“වයඹ මැරයෝ කාන්තාවක් නිරුවත් කර ඇවිද්දවති”

පත්තරවල මේ ලියැවුණේ චන්ද්‍රා අක්කා ගැන.
පත්‍රිකා බෙදන පිරිස වටේ ගම්වලින්, ආපහු ගන්තිරියාවට ආවා. හරියටම ගන්තිරියාව මොන්ටිසෝරිය ළඟට.
“අපි මොන්ටිසෝරිය ළඟට එනකොට වෙඩි සද්ද කීපයක් ඇහුණා. මම ගලප්පත්ති මන්ත්‍රිතුමාගෙන් ඇහුවා, තුවක්කු වෙඩි සද්දයක් නේද කියලා. මන්ත්‍රිතුමා ඔළුව වැනුවා. ඒ කියලා කට ගන්න හම්බුණේ නෑ. දූවිල්ල අවුස්සගෙන සුදු පාට වෑන් එකක් ආවා. අපේ ඇඟේ හැප්පෙන්න ඔන්න-මෙන්න කියලා ඒ වෑන් එක නැවැත්තුවා. ඉස්සරහ සීට් එකේ හිටපු කෙනා යූ.ඇන්.පී. ඡන්ද කොළ ටිකක් පෙන්නලා කිව්වා මේවත් බෙදන්න කියලා.
මේ පුද්ගලයො මම අඳුරන්නෙ නෑ. ඒ අතරෙ මම දක්කා ලාල් කියන මනුස්සයා ඩ්‍රයිවර් සීට් එකේ ඉන්නවා. පිටිපස්සෙ හිටපු කට්ටිය ළඟ තුවක්කු දෙකක් තිබුණා. ටී-56 තුවක්කුවකුයි, පතුරම් තුවක්කුවකුයි.” ඒ තුවක්කු කටවල් ළඟත් ඇගේ පන්නරය බිඳුණෙ නෑ. උකුසු ඇස් වගේම, තියුණු හඬත් ක්‍රියාත්මක වුණා.
“මේ අපේ කට්ටයක් නෙවෙයි. පරෙස්සම් වෙන්න.”

 තුවක්කු අමෝරාගෙන, යකඩ පොලු අරගෙන එළියට පැන්න ඇමැති මැරයො චන්ද්‍රා අක්කගෙ ඔළුවට තුවක්කු කට තියලා තර්ජනය කළා.
“උඹලට අපි එළියට බහින්න එපා කියලා තියෙද්දිත් කොළ බෙදනව නේද.... දණගහපියව්...”
ගමේ යූ.ඇන්.පී.කාරි, චන්ද්‍රා අක්කගෙ කොන්දට වැදුණු යකඩ පොලු පාරට අෑව ඇදගෙන වැටුණා. පිරිමි ගොඩක් මැද්දෙ ඒ අම්මා අසරණ වුණා. මාතරින් ආපු පිරිසටත් දිගට-හරහට යකඩ පොලු පාර වැදුණා. ඒ ඔක්කොම පිරිමි...
“මොනව කරන්නද ඉතින්, දණ ගැහුවා. මම ඒ අතරෙ අපේ කට්ටියට කිව්වා, කවුරුවත් කතා කරන්න එපා. අපි ජීවිත හානි කරගන්න ඕනෙ නෑ. මම විතරක් කතා කරන්නම් කියලා.”



ඇගේ උපදෙස්වලට පිටින් කවුරුවත් ගියේ නෑ.
“තොපි ගාව බෝම්බ තියෙනවා නේද...?”
මැරයන්ගෙ යකඩ පොලු චන්ද්‍රා අක්කලාගෙ පිට කොන්ද හරහා ගියේ එහෙම අහන ගමන්.
“අපි ළඟ බෝම්බ නෑ. අපි එළියට බැස්සෙ කොළ බෙදන්න. කවුරුවත් එක්ක ගහගන්න නෙවෙයි. මෙව්වා අපේ උපන් ගම්.”
ඇගේ කතාව ඉවර කරන්න වුණේ නෑ, තවත් යකඩ පොඩු පාරවල් අෑට දරාගන්න වුණා. ඇය දරුවන් දෙන්නෙකුගෙ අම්මා කෙනෙක්...
“උන් ප්‍රශ්න අහනවා.... අපි කතා කරන - කරන වචනෙට ගහනවා.”
“ගලෝපියව් ඇඳුම්.”
ඔවුන් මාතරින් ආපු කට්ටියගෙ ඇඳුම් ගැලෙව්වා. කලිසම් දෙපැත්තට ඉරුවා. ඊට පස්සේ මගේ ළඟට ආවා.
“ගලෝපිය ඇඳුම්... තොට තමයි හොඳ පාඩමක් උගන්වන්න ඕනෙ.”
පිරිමි ගොඩක් මැද්දෙ, අෑ අසරණ වුණා. ඒත් අර පන්නරය කතා කළා.
“මැරුවත් ගලවන්නෙ නෑ.”
“උන් මට ගහ ගහ හැට්ටෙ ඉරුවා. ඊට පස්සෙ බ්‍රා එකට යකඩ පොලු දාලා ඇද්දා.” මම චීත්තයක් ඇඳගෙන හිටියෙ. ලාල් කියන මනුස්සයා පැනපු ගමන් චීත්තෙ ඇද්දා. පිරිමි ගොඩාක් මැද්දෙ මම හිටයෙ යට සාය පිටින්. අෑ ළමයි දෙන්නෙකුගේ අම්මා කෙනෙක්.
“උන් යට සාය ගලවන්න දැඟලුවා. මම බිම පෙරළුණා. ‘නැඟිටපන්’ කිය කියා උන් මට ගැහුවා. මම නැගිට්ටෙ නෑ. මට යකඩ පොලුවලින් හරියට ගැහුවා. කාටවත් මගේ ළඟට එන්න දුන්නෙ නෑ.
උන් තුවක්කු දික් කරලා දණ ගහගෙන හිටපු කට්ටියම නැගිට්ටෙව්වා. මටත් තුවක්කුවෙන් ඇන්නා. වෙඩි කනවද, නැඟිටිනවද කියලා ඇහුවා. මම නැඟිට්ටා. එතකොටම උන් මගේ යට සාය දණිස්ස ළඟට එනකම් ගැලෙව්වා.....
“යමව් දැන් කටුපොත ටවුන් එකට.”
ආණ්ඩුවේ මැරයො අෑව නිරුවතින් මහ පාරෙ ඇවිද්දෙව්වා.
“හැතැප්ම බාගයක් විතර ගහ ගහ අපිව ගෙනිච්චා. ඊට පස්සෙ තොපි අපේ පස්සෙන් වරෙව් කියලා වෑන් එකට ගියා.
එතකොට හුඟ දෙනක්ගෙ කොඳු පැළිලා තිබුණෙ යකඩ පොලුවලින් ගහලා. මගෙ කොන්දෙනුත් දරාගන්න බැරි කැක්කුමක් ආවා. කොරන්ඩ දෙයක් නෑනෙ, වෑන් එක ගිය ගමන් අපි කැලේට පැන්නා.

 ඒ කට්ටිය මාත් එක්ක එක පෙළට ආවේ නෑ.
මං කිව්වා කොරන්ඩ දෙයක් නෑනෙ. දැන් මටත් ලැජ්ජයි, ඔයාලටත් ලැජ්ජයි. අපි ඇඳුමක් හොයා ගමු කියලා.
ඊට පස්සෙ කැලෑ පාරවල් දිගේ ඇවිත් ගමේ ගෙවල් කිහිපයකින්ම ඇඳුම් කෑලි දෙක-තුනක් ඉල්ලුවා. ඒ මිනිස්සු බයට ‍ෙදාර වහගත්තා.”
මේ 1999 වයඹ පළාත් සභා ඡන්දය...
“ඊට පස්සෙ අපේ ගේ ළඟටම ඇවිත් පුතාට කෑ ගහලා ඇඳුම් ටිකක් ගෙන්නගෙන, වෑන් එකකුත් ගෙන්නා ගත්තා. වෑන්කාරයො කවුරුවත් ආවේ නෑ බයට. එක්කෙනෙක් විතරක් චන්ද්‍රා අක්කා ඉන්නව නම් මැරුවත් කමක් නෑ කියලා ආවා. එතකොට කැබ් එකකින් ගම පුරා අපිව හොයනවා.
“මම කට්ටියට කිව්වා, බයවෙන්න එපා. මම ඔයාලව බේරගන්නවා කියලා. ඒ අතරෙ මම වෑන් එකේ මල්ලිට කිව්වා කවුරු ආවත්, වෙඩි තිබ්බත් පාගලා යමු. කෙළින්ම පොලිසියට කියලා.
අපි වේගයෙන් කටුපොත පොලිසිය පැත්තට යනකොට වාහන හතරක් අපේ පස්සෙන් පන්නගෙන ආවා. පස්සෙ බලනකොට ඒ ඇවිත් තියෙන්නෙ අපේ මැඩම් අමරා නෝනගේ කට්ටිය.

මං යට සාය විතරක් ඇඳගෙන බැස්සා. පිරිමි කට්ටියට කිව්වා යට කලිසම් විතරක් ඇඳගෙන බහින්න කියලා.
“ආ... බින්තැන්නෙ කට්ටියක් ඇවිල්ලා”
එහෙම කියලා පොලිසියෙ කට්ටිය හිනාවුණා. එතකොට මාව අඳුරගත්තා. ඒත් ලොකු මහත්තය ඉඳලත් කවුරුවත් පැමිණිල්ල ලියාගත්තෙ නෑ,
ටික වෙලාවක් ගියා. අපිට ඉන්නත් බෑ. ගුටි කාපුවගෙ කැක්කුම.
එතකොට රොනී ද මැල් මහත්තයා ආවා. ආපු ගමන් කෑගැහුවා, ගන්නවා ඕ.අයි.සී. දේශපාලන පැමිණිලි පොත කියලා... ඒක අස්සක තිබුණෙ. ඒකෙ එක පැමිණිල්ලක්වත් ලියලා තිබුණෙ නෑ.
අපිව ඉස්පිරිතාලෙට ගෙනිච්චා. මට හොඳටම උණ ගැනිලා තිබුණෙ. ඒ වුණාට මට ඉස්පිරිතාලෙ ඉන්නත් බැරි වුණා. වෙන ගෙදරක හැංගුවා.....
ඒ 25 වැනිදා, ඡන්දෙ දවස...

 මම කිව්වා, මට කොහොම හරි ඡන්දෙ දාන්න ඕනෙ කියලා. එනකොට ආරංචි වුණා මගේ ඡන්දෙත් කවුද දාලා, හතයි කාල වෙනකොට ගන්තිරියාවෙ ඡන්ද පෙට්ටිය පුරවලා සීල් ගහලත් ඉවරයි කියලා.
ඒ ඇගේ කතාවයි...
ඊට පස්සේ 2001 ඡන්දෙ ආවා. මම වාරියපොළ ඡන්ද රැස්වීමකට ගිහින් හිටියෙ. එතැන අමරා පියසීලි මැඩමුත් හිටියා. නාවින්න ඇමැතිතුමාගේ කට්ටිය, ඔය මගෙ ඇඳුම් ගලවපු ලාලුත් එක්ක අමරා නෝනට වෙඩි තියන්න ආවා. තවම රැස්වීමට සරසනවා. මම මැඩම් එක්ක පස්සෙන් පස්සට ගියා. ලාල් තුවක්කුව අරගෙන කෑ ගහ ගහ ඉස්සරහට එනවා.
එකපාරටම වෙඩි සද්දයක් ආවා. ලාල් මගේ කකුල් දෙක ඉස්සරහ මැරිලා වැටුණා.”
ඒ අම්මව නිරුවත් කරපු දේශපාලන හෙංචයියා, ඒ අම්මගෙම කකුල් දෙක ළඟ ඇදගෙන වැටුණා. ඇමැති හයියට ඔහුගෙ පණ බේරගන්න බැරි වුණා.
චන්ද්‍රා අක්කා, අදත් දේශපාලනයෙන් හරි හම්බ කරගත්ත සත පහක් නැතිව, තමන්ගෙ දරු මුනුබුරොත් එක්ක ජීවත් වෙනවා. දේශපාලනයෙන් හරිහම්බ කරගත්ත, තට්ටු ගෙවල් හැදුව මැඩම්ලා, මන්ත්‍රිලා ඇගේ කර උඩින් ගිය ගමන ගැන ආපහු හැරිලා බලන්න ලෑස්ති නෑ. අෑ අදත් යූ.ඇන්.පී. කාරියක්.....

ශාලික විමලසේන
 

5 comments:

  1. Kasippu lal (Dinesh Rest..)Hanhamuna.

    ReplyDelete
  2. meya kawuruth danna rahasaki . kese namuth meya helikata sthutiya

    ReplyDelete
  3. Chandrika awith kagewath redi kaduweth ne, Chandaralekhawa rape kaleth ne.(Lekhage rape karanna deyak thiyenawada?) mewa kiyala janathawa mula karanne Mahinda dinawanna hithagena wenna athi? attatama madya wela ythukama janathwata kaleena puwath sapayeema.Chandrika ochchara naraka num, mathakadi camps ekathuwela karapu research ekedi deshapalanayen pension giya kenku hatiyata rate janamathyen 12000,000 jana prasadayak labune kohomada?? ekata hethuwa thwamath me rate shishtha sampanna minisunge hadawathwala jeewath wena nisa noweda?
    api marila ipadune ne.

    ReplyDelete
  4. mk2nice chandrikata kade yanne parana hil wuna pan mallak athe aran . chandrika me rata gasa kapu heti minisun dannawa . sri lankan guwan sewaya emirates walata dila gatha salli walin engaalanthaye maliga gathe meyage sallida . meya paladina mala orolosu kage sallida . nayata kahinna epa , munta kade yanna epa

    ReplyDelete
  5. මෙ හොර ගෙනි බලයේ සිටි කාලයේ ලන්කව විකුනලා ගත්ත සල්ලි වලින් ලන්ඩන් නුවර පවුම් මිලියන 200 ක් පමන වටිනා ගෙයක් දෙපොල මිලට ගත්තා

    ReplyDelete

w

Related Posts Plugin for WordPress, Blogger...

Recent Posts

Popular Posts